සැප ගුවන් ගමන් තහනම්



ගුවන්ගමන්වලදී අගමැති, ජනාධිපති, කථානායක ඇතුළු රජයේ ප‍්‍රධානීන්ට රජයේ මුදල් වියදම් කරමින්, සුඛෝපබෝගී පළමු පංතියේ ආසනවල අසුන් ගැනීම කළ තහනම් කිරීමට පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් ප‍්‍රමුඛ ඔහුගේ නව රජය තීරණය කර ඇත.

මේ බව තීරණය කෙරුණේ කැබිනට් හමුවකදීය. මෙම තිරණය සම්බන්ධයෙන් ඇමැතිවරුන් ප‍්‍රශ්න කරන්න වූ අවස්ථාවේදී, ජනමාධ්‍ය ඇමැති ෆවාද් චෞද්‍රි පෙන්වා දී පාකිස්තානයේ හමුදාපතිවරයා කිසිම අවස්ථාවක ගුවනින් යද්දී පළමු පංතියේ ගමන් කර නොමැති බවය. ඒ සඳහා ඔහුට අවසර ලබා දී නැති බව ද ජනමාධ්‍ය ඇමැති ෆවාද් චෞද්‍රි කැබිනට් සාමාජිකයන්ට පෙන්වා දී තිබේ.

මින් ඉදිරියට අගමැති, ජනපති හෝ වෙනත් රජයේ ප‍්‍රධානියකු හෝ විදෙස් සංචාරයක නියැලෙන්නේ නම්, ඔවුන් වෙනුවෙන් විශේෂ ගුවන් යානා වෙන් නොකරන බවට ද තීරණයක් ගැණින.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ වරදකරු වී සිරදඬුවම් විඳින හිටපු පාකිස්තාන අගමැති ඔහුගේ අභිමතය පරිදි වසරකට සුඛෝපබෝගී ගමන් බිමන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 51 ක මුදලක් වැය කර ඇති ජනමාධ්‍ය ඇමැතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ අනාවරණය කළේය.

රොයිටර්


RECOMMEND POSTS