සැකකරුවෙක් අත්අඩංගුවට



ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තන්ත්‍රිකයන්ට, නළු නිළියන්ට පමණක් නොව, සී.එන්.එන්. පුවත් නාළිකාවේ නිව්යෝක් නුවර කාර්යාලයට බෝම්බ පාර්සල් යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවනන් කිහිප දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

එයින් ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ අත්අඩංගුවට ගත් සීසර් සෙයෝක් නමැත්තා කායවර්ධන ශිල්පියෙකි. මොහු අපරාධකරුවකු වන අතර අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතවය සිට ඇත.

සීසර් සෙයෝක් අල්ලා ගැනීමට හැකි වී ඇත්තේ මොහුගේ එක් ඇඟිලි සලකුණක්, බෝම්බ පාර්සලයේ තිබී හමුවුණු බැවින් යැයි එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පවසති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS