ස්පාඤ්ඤයේ 6 ක් මරුට



අධික උණුසුම හේතුවෙන් ස්පාඤ්ඤයේ පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 50 කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

මියගොස් ඇත්තේ අවුරුදු 60 ත් 70 ත් අතර වයස්වල වැසියන්ය. ස්පාඤ්ඤයේ පළාත් රැසක උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 46 කින් ඉහළ ගොස් ඇති බව ද පැවැසෙයි.

ස්පාඤ්ඤයේ පමණක් නොව, මේ වනවිට සෙසු යුරෝපා රටවල ද උෂ්ණත්වය අනතුරුදායක මට්ටමින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS