සල්මාන්ට ඇප



ජෝද්පූර් මධ්‍යම බන්ධනාගාරයේ දෙදිනක් සිරගතව සිටි බොලිවුඞ් සුපිරි නළු සල්මාන් ඛාන්ට ජෝද්පූර් අධිකරණයෙන් ඇප නියම විය.

සල්මාන්ට ඇප හිමිවූයේ ඔහු කළ අභියාචනාවකට අනුවය. සල්මාන්ගේ නීතීඥවරුන් පවසා තිබුණේ සල්මාන්ගේ එම අභියාචනාව පිටු 20 කින් පමණ සමන්විත වූවක් කියාය.

ඉන්දීය රුපියල් 50,000 ක මුදලකට ඇප නියමවුණු බවත්, අද (7) සවස් වෙද්දී සල්මාන් බනධනාගාරයෙන් පිටවී යෑමට නියමිත බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණි. කෙසේ නමුත් සල්මාන්ට අධිකරණ අවසරයකින් තොරව රටින් පිටවිය නොහැකිය.

52 හැවිරිදි සල්මාන් ඛාන් බන්ධනාගාරයේ රැඳී සිටියේ සෙසු රැඳෙවියන් ද සමඟය. කෙසේ නමුත් රැඳෙවියන් වෙනුවෙන් ලබා දුන් ආහාර ඔහු ප්‍රතික්ෂේප කළ බව ද පැවැසෙයි. සිර කුටියේ සිටි ඔහු උදෑසන ව්‍යායාමවල යෙදීමට අමතක නොකළ බව ද බන්ධනාගාර බලධාරීහු පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS