සරණාගතයන් හඳුනාගැනීමේ නව මෘදුකාංගයක් ජර්මනියෙන් !



කටහඬ හඳුනාගැනීමේ හැකියාව ඇති පරිගණක මෘදුකාංගයක් මගින් ලියකියවිලි පරීක්ෂාවකින් තොරව සරණාගතයන් අයත්වන රට හඳුනාගැනීමේ ක්‍රමයක් අත්හදාබැලීම ජර්මනිය විසින් අරඹනු ලැබ ඇත. 

සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිලිබඳ ජර්මානු ඒකාබද්ධ කාර්යාලය පැවසුවේ සති දෙකක කාලයක් තුළ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම නව ක්‍රමය ආරම්භවන බවය.එහෙත් එම ක්‍රමයේ උපයෝගීතාවය පිළිබඳව ඇති සැකසහිතභාවය හේතුවෙන් වසරක කාලයක් යනතුරු එය සරණාගතයන් හඳුනාගැනීමේ කටයුතු වලදී භාවිතයට නොගැනෙනු ඇත. 

මෙම ක්‍රමයේ අරමුණ වන්නේ සිරියානුවන් බවට අඟවමින් පැමිණෙන අරාබි භාෂාව කතාකරන්නන් හඳුනාගැනීමයි.සරණාගතභාවය ඉල්ලා සිටීමේ දී සිරියානුවන් ලෙස ඇඟවීම තමන්ට වාසිදායක යැයි අරාබි භාෂාව කතාකරන්නෝ විශ්වාස කරති.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි...


RECOMMEND POSTS