සමුළුවට ට්‍රම්ප්ගෙන් ආශිර්වාද



තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත කොරියානු සමුළුවට තමන් ආශිර්වාද කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

කොරියානු සමුළුව පැවැත්වෙනු ඇත්තේ ලබන 27 වැනිදා, උතුරු කොරියානු සහ දකුණු කොරියානු දේශසීමා කලාපයේ පන්මුන්ජොම් නමින් හැඳින්වෙන ගම්මානයේදීය.

සමුළුවට උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වනු ඇත.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අර හොඳහිත වර්ධනය කිරීමේත්, සමඟිය තහවුරු කිරීමේත් අරමුණින් සමුළුව පැවැත්වෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අදහසකට අනුවය.

‘උතුරු සහ දකුණු වශයෙන් කොරියාව බෙදී වෙන්වුණේ කොරියානු යුද්ධය නිසයි. කොරියානුවන්ගේ සිත්වල තවමත් යුද මානසිකත්වය තියෙනවා. ඉදිරියට යන්න නම්, යුද්ධය අවසන් බව ඔවුන් අවබෝධ කරගන්න ඕනෑ. කොරියානු සමුළුව ඊට මඟ පෙන්වා දේවි. එය ඉතා වැදගත් සමුළුවක්. මගේ ආශිර්වාදය ඊට හිමිවෙනවා’ යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS