සමාජ මාධ්‍ය නව නීතියට පාර්ලිමේන්තුවේ අනුමැතිය



ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය ආයතනවලින් ලබා ගන්නා පුවත්, ෆෙස්බුක් සමාජ මාධ්‍ය හරහාත් සහ ගූගල් හරහාත් පළ කරන්නේ නම්, ෆේස්බුක් සහ ගූගල් ඒ වෙනුවෙන්  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය ආයතනවලට ගෙවීමක් කළ යුතුයි යන නව පනත් කෙටුම්පත  එරට  පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමත්,  ඕස්ටේ‍්‍රලියා රජයත් අතර අර්බුදයක් පැවැතිණි. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරැුසෙද්දී, ෆෙස්බුක් සමාගම,  ඕස්ටේ‍්‍රලියාවට අදාල ප‍්‍රවෘත්තිමය වටිනාකමික් යුත් සියලූ ෆෙස්බුක් ගිණුම් අවහිර කිරීමට (බ්ලොක්) පියවර ගත්තේය. 

ඕස්ටේ‍්‍රලියානු රජයේ සෞඛ්‍ය සේවාවලට අදාල ෆෙස්බුක් ගිණුම්, ළැව් ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සහ දත්ත ඇතුළත් වන ෆෙස්බුක් ගිණුම්, හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කරන ෆෙස්බුක් අවහිර කෙරුණි.

ඕස්ටේ‍්‍රලියාවේ ෆේස්බුක් පරිශීලකයන් මිලියන 13 කට ෆේස්බුක් ජාලය අහිමි වුණු බවය. ඊට අමතරව, කුඩා ව්‍යාපාරිකයන්ගේ ගිණුම් ද ‘ප‍්‍රවෘත්තිමය වටිනාකමක් ඇතැයි’ පෙන්වා දෙමින් අවහිර කිරීමට ෆෙස්බුක් ආයතනය කටයුතු කළේය.

කෙසේ නමුත්  ඕස්ටේ‍්‍රලියා රජය සහ ෆේස්බුක් ප‍්‍රධානීන් අතරේ පැවැති සාකච්ඡුාවලන් අනතුරුව දෙපාර්ශ්වය අතර එකඟත්වයක් ඇති විය. ඔස්ටේ‍්‍රලියා රජය, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේත්, ඊට පසුව අනුමැතිය හිමිවූයේත් ඒ අනුවය.

කැන්බරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS