සබ්මැරීනය හමුවෙලා



මීට වසරකට පෙර, අතුරුදන් වුණු තම නාවික හමුදාවට අයත් සබ්මැරීනයේ සුන්බුන් හමුවුණු බව ආජන්ටිනා නාවික හමුදාව කියයි.

ඒ.ආර්.ඒ සැන් යුවාන් නමැති මෙම සබ්මැරීනය ආජන්ටිනාවට ඔබ්බෙන් මුහුදේදී අතුරුදන් වූයේ පසුගිය වසරේ නොවැම්බර් 15 වැනිදාය.

සබ්මැරීනය අතුරුදන්වීමත් සමඟ නාවික භටයන් ගලවා ගැනීමේ මෙහෙයුම් සති දෙකක් තිස්සේ පැවැතුණු අතර, පසුව එය අතහැර දැමුණි.

ආජන්ටිනා නාවික හමුදාව පෙන්වා දෙන පරිදි, සබ්මැරීනයේ සුන්බුන් වසරකට පසු අත්ලාන්තික් මුහුදේ මීටර් 800 ක් ගැඹුරු පතුළෙන් සොයා ගැනීමට හැකිවී ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS