සබඳතා ශක්තිමත් කර ගැනෙයි



ඉන්දියාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සබඳතා ශක්තිමත් වුණැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

රාජ්‍ය නායකයන් දෙදෙනා හමුවී සාකච්ඡා පැවැත්වීම කළේ දකුණු ඉන්දියාවේ පුරාණ මමල්ලාපුරම් නගරයේදීය.

මෙය දෙදින හමුවක් වූ අතර, ඉන්දියාවත් චීනයත් අතර වෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කර ගැනීම සහ දේශසීමා අර්බුද කඩිනමින් සමතයකට පත් කර ගැනීම කෙරෙහි සාකච්ඡා පැවැත්වුණු බව ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS