සඳමත පය තැබූ අවසන් මිනිසා යූජීන් සර්නන් සමුගනී



 

සඳ මත බය තැබූ අවසන් ඇමෙරිකානු ගගනගාමියා යූජීන් සර්නන් අභාවප්‍රාප්ත වුණු බව ඇමෙරිකානු නාසා ආයතනය නිවේදනය කර ඇත.


මියයනවිට යූජීන් සර්නන් 82 හැවිරිදි වියෙහි පසුවිය. සර්නන් සඳමත පය තැබුවේ ඇපලෝ 17 මෙහෙයුමේදීය. එම මෙහෙයුමට නායකත්වය දුන්නේ ද සර්නන්ය. ඇපලෝ 17 යනු අවසන් චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම වූ අතර එය සිදුවූයේ 1972 වසරේදීය.


යූජීන් සර්නන් ඇමෙරිකන් නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි. සර්නන් පසුගිය කාලය පුරා අයහපත් සෞඛ්‍යයෙන් පසුවුණු බව ද නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී. 


RECOMMEND POSTS