සඳ මතුපිට ජලය තිබෙනවා - නාසා කියයි



සඳ මතුපිට නිශ්චිත වශයෙන්ම ජලය ඇති බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. සඳ මතුපිට ජල අංශු ඇතැයි මින් පෙර තහවුරු වී තිබුණ ද ජලය ඇති බව නාසා ආයතනය පැවැසූ පළමු අවස්ථාව මෙයයි.

සඳ මතුපිට ජල අංශු ඇති බව පළමුවෙන් ලොවට හෙළි කළේ ඉන්දියාවය. ඒ, ඉන්දියාවේ චන්ද්‍රයාන් 1 යානය සඳුගේ කක්ෂයේ සිට සඳ සිතියම්ගත කළ අවස්ථාවේදීය. ඉන්දියානුවන් ලබාගත් දත්ත, නාසා ආයතනය ද තහවුරු කර තිබුණි.

දැන් නාසා ආයතනය පවසන්නේ සඳ මතුපිට සැමවිටම හිරු එළිය ලැබෙන පැත්තේ අණුක ජලය ඇති කලාප පිහිටින බවය. ඇමෙරිකාවේ නාසා ආයතනය 2024 දී යළි සඳට ගගනගාමීන් සහ ගගනගාමිණියන් යැවීමට සැරසෙයි. ඒ, ආර්ටිමිස් මෙහෙයුම යටතේය. එම මෙහෙයුමේදී වැඩිදුරටත් සඳ ගවේෂණය සිදු කිරීමට නාසා බලාපොරොත්තු වෙයි.

නාසා ආයතනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS