සටන් විරාමය අවසන්



රාමසාන් වෙනුවෙන් ආරම්භ කළ දස දින සටන් විරාමය අවසන් කිරීමට ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය අද (18) තීරණය කළේය.

සටන් විරාමයට ගරු කරමින් තලේබාන් සංවිධානය කටයුතු කිරීම, ඇෆ්ගන් ජනාධිපති අෆ්රාෆ් ඝානීගේ පැවැසුමට හේතුවක් විය.

ඇෆ්ගන් ජනාධිපතිවරයා යෝජනා කර තිබුණේ සටන් විරාමය හරහා සාම සාකච්ඡා පැවැත්විය යුතු බවත්, සාකච්ඡා මාර්ගයෙන් පවතින ගැටුම් අවසන් කළ යුතු බවත්ය. ඇෆ්ගන් රජය ආයාචනා කළත්, තලේබාන් ත්‍රස්ත සංවිධානය සටන් විරාමය අවසන් කරන බව දැනුම් දුන්නේය.

(රොයිටර්)


RECOMMEND POSTS