සංක්‍රමණික නීති දැඩි කරයි



අසල්වැසි වෙනිසියුලාවෙන් පැමිණෙන විදේශ ගමන් බලපත්‍ර නොමැති සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක කිරීමට එක්වදෝරය පියවර ගෙන ඇත.

මේ හේතුව නිසා බොහෝ වෙනිසියුලානු සංක්‍රමණිකයන්, අසරණ වී කොලොම්බියාවේ කොටුවී සිටින බව වාර්තා වේ.

වෙනිසියුලාව, කොලොම්බියාව සහ එක්වදෝරය යනු ලතින් ඇමෙරිකාවට අයත් එක ළඟ පිහිටි රටවල් තුනකි.

මෙතෙක් කල් වෙනිසියුලා වැසියෝ කොලොම්බියාවට සහ එක්වදෝරයට පැමිණ ඇත්තේ ඔවුන්ගේ හැඳුනුම්පත පෙන්වමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS