ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඒමි බැරෙට්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, එරට ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරිය ලෙස එම ධුරයට නම් කළ ඒමි කොනී බැරෙට් ට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ඇමෙරිකානු පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විත වන අතර, ජනාධිපතිවරයා කිසියම් තනතුරකට හෝ පදවියකට නම් කරන තැනැත්තාට එම තනතුර හෝ පදවිය හෝ හිමිවන්නේ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණොත් පමණි.

ඒමි කොනී බැරෙට් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා නම් කළ අවස්ථාවේ, ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් දැඩි විරෝධයක් පවා එල්ල විය. ඒ, බැරෙට් ඒ සඳහා සුදුසු නැතැයි පවසමිනි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සතුව වන නමුත්, සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය.

ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ධුරයට ඒමි කොනී බැරෙට් සුදුසු ද නැද්ද යන්න සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ පැවැති ඡන්ද විමසුමේදී, ඇයට පක්ෂව ඡන්ද 52 ක් හිමිවිය. විරෝධය දක්වමින් ඡන්දය ප්‍රකාශ කළ ගණන 48 ක් බව ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS