ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය පළමු වරට කාන්තාවකට



පාකිස්තානයේ පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ලෙස එම ධුරයට පත් වුණු 55 හැවිරිදි අයේෂා මලික්, ඉස්ලාමාබාද් අගනුවරදී සිය ධුරයේ දිවුරුම් දුන්නාය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 16 දෙනා අතර සිටින එකම කාන්තාව වනු ඇත්තේ ද අයේෂා මලික් යැයි පැවැසෙයි. ඇය පළමු කාන්තා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය බවට පත්වීම, පාකිස්තානයේ පුරුෂ මූලික සමාජයේ සුවිශේෂී සංධිස්ථානයක් යැයි එරට කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආයතන පෙන්වා දෙයි.

මේ වනතුරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් කාන්තාවකට හිමි නොවුණු එකම ආසියානු රට වූයේ පාකිස්තානයයි. පාකිස්තානයේ මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කාන්තාවන් සිටින්නේ ද සියයට 4 ක පිරිසක් බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS