ශ්‍රීදේවි හෘද රෝගියෙක් නොවේ



ශ්‍රීදේවිගේ හදිසි අභාවය බොලිවුඩය පමණක් නොව, ලොව පුරා වෙසෙන බොලිවුඞ් රසික රසිකාවියන්ට කම්පානයක් ගෙන දුන් පුවතක් විය.

ශ්‍රීදේවි හෘදයාබාධයකට ලක්වීමෙන් මෙලොවින් සමුගත්තේ ඩුබායි හි මංගල උත්සවයකට සහභාගී වීම සඳහා සැමියා බොනී කපූර් සහ එක් දියණියක වන කුෂී සමඟ ගොස් සිටිද්දීය. මියයනවිට ශ්‍රීදේවි 54 හැවිරිදි වියෙහි පසුවූවාය.

එම මංගල උත්සවය අවසන් වීමෙන් පසු ශ්‍රීදේවි, සැමියා බොනී කපූර් සහ දියණිය ඔවුන් නැවැතී සිටි හෝටලයට ගොස් ඇත. ශ්‍රීදේවි සිහිසුන්ව වැටී සිටිද්දී සැමියා බොනී කපූර්ට හමුවී ඇත්තේ නාන කාමරේ යැයි පැවැසෙයි.

ශ්‍රීදේවිගේ සැමියා මෙන්ම ඇගේ ඥාතීන් පවසා ඇත්තේ ශ්‍රීදේවිට කිසිදු හෘද රෝගයක් නොතිබුණු බවත් ඇය හෘදයාබාධයකට ලක්වීම ගැන පුදුම වන බවත්ය.

ඇය නානකාමරේ ලිස්සා වැටී මියගියා විය හැකි යැයි ද සැකයක් පවතින බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. ඇය වැඩිපුර මත්පැන් පානය කළ බවට ද සැකයක් පවතින බව ඇතැම් පුවත් සේවා වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS