වොෂින්ටන් - අබුඩාබි හමුදා සහයෝගීතාවක්



ඇමෙරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර හමුදා සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණි.

යේමන අර්බුදයේ දී සෞදිය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද සහාය ලැබෙන්නේ යේමන හවුති ෂියා සටන්කාමීන් විසින් පෙරළා දැමූ රජයටය. ඇමෙරිකාව ද හවුති ෂියා සටන්කාමීන්ට එරෙහිව පහරදීම් කරයි.

සෞදිය යේමනයේ සිදුකරන ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයන්නේ යැයි චෝදනා කරමින්, යේමනයේ පහාරවලට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීරය පසුගිය දා අදිමදි කළේය.

ඇමෙරිකාව මැදිහත් වී, එක්සත් අරාබි එමීරයට කරුණු පහදා දී ඇති බවත්, දෙරට අතර නව හමුදා සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණු බවත් ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS