වේල්ල කැඩී යෑමේ අවදානම පහව යයි



ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔරෝවිල් නුවරට නුදුරින් ඉදිකර ඇත ‘ඔරෝවිල් වේල්ල’ කැඩීයෑමේ අවදානම පහව ගොස් ඇතැයි කැලිෆෝනියා බලධාරීහු නිවේදනය කළහ.

ඒ අනුව, වේල්ල පහළ අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් කළ 1,80,000 ක පිරිසට, යළි ඔවුන්ගේ නිවාසවලට යෑමට අවසර ලබා දීමට ද බලධාරීහු කටයුතු කළහ. කෙසේ නමුත් යළි අවදානමක් ගැන අවධානයෙන් සිටින්නැයි එම පිරිසට බලධාරීන් උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා විය.

ඇමෙරිකාවේ උසම වේල්ල ලෙස සැලකෙන්නේ මෙම ‘ඔරෝවිල් වේල්ල’ය. වේල්ල ඉරිතලා කැඩී යෑමේ අවදානමක් හටගත්තේ එහි අධික ජල ප්‍රමාණයක් එක්රොක්වීමය. 

වේල්ල විවෘත කෙරුණේ 1968 වසරේ දීය. 1968 වසරෙන් පසු වේල්ලට අයත් හදිසි වාන් දොරටු විවර කිරීමට බලධාරීන්ට සිදුවුණු පළමු අවස්ථාව මෙය විය. ඒ අනුව වේල්ලට පහළ ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් හට ගැනීමේ ද අවදානයක් නිර්මාණය විය.

 

(රොයිටර්)

ඇමෙරිකාවේ වේල්ලක් කැඩී යෑමේ අවදානමක්

 


RECOMMEND POSTS