වේල්ල කැඩී යෑම සම්බන්ධයෙන් චෝදනා



බ්‍රසීල යපස් පතලේ වේල්ල කැඩී ගොස් 192 ක් යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම පතල අයත් වාලේ එස්.ඒ. පතල් සමාගම වගකිව යුතු යැයි බ්‍රසීල උප ජනාධිපති හැමිල්ටොන් මොරාඕ චෝදනා කරයි.

වේල්ල කැඩී යෑමෙන් අතුරුදන් බව පැවැසෙන පිරිස 300 කි. ඔවුන් සැවොම යපස් පතලේ සේවකයන් බව ද පැවැසෙයි. කෙසේ නමුත්, වාලේ එස්.ඒ. පතල් සමාගම අවධාරණය කර ඇත්තේ, තමන් නිසි ආරක්ෂිත පියවර අනුගමනය කළ බවත්, වේල්ල කැඩී යෑමේ වගකීම තමන්ට බාර ගැනීම කළ නොහැකි බවත්ය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS