වේල්ල කැඞී ලක්ෂ 8 ක් අවතැන්



මධ්‍යම මියන්මාරයේ වේල්ලක් කැඞී යෑමෙන් ලක්ෂ 8 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වූ බව එරට රජය කියයි.

වේල්ල කැඞී යෑමට පටන් ගත්තේ පසුගිය 29 වැනිදාය. ඊයේ (30) වෙද්දී එය මුළුමනින්ම කැඞී ගිය බව පැවැසෙයි. වේල්ල කැඞී යන බව ගම්වැසියන්ට දැනුම් දීමෙන් පසු මියන්මාර හමුදාවේ මැදිහත් වීමෙන් ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

වේල්ල කැඞී යද්දී ප‍්‍රධාන අධිවේගී මාර්ග කිහිපයක් පමණක් නොව පාලම් දෙකකට ද හානි සිදුවුණැයි වාර්තා වේ. අවතැන් වූවන් වෙනුවෙන් අවශ්‍ය ආධාර ලබා දීමට හමුදාව යොදවා ඇති බව මියන්මාර රජය කියයි.

(රොයිටර්)


RECOMMEND POSTS