වෙනිසියුලාවට ඩොලර් මිලියනයක ආධාර



දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින වෙනිසියුලාවට, මානුෂීය ආධාර වශයෙන්, ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් ලබා දීමට රටවල් 25 ක් පොරොන්දු වී ඇතැයි ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කියයි.

වෙනිසියුලාවට මානුෂීය ආධාර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ ඇමෙරිකානු රාජ්‍යයන් වෙනුවෙන් පිහිටුවා ගත් සංවිධානය පැවැති සමුළුවේදීය. සමුළුව පැවැත්වූයේ වොෂින්ටනයේදීය. සමුළුවේ සාමාජිකයන් වන්නේ උතුරු සහ දකුණු ඇමෙරිකා මහද්වීපයට අයත් රටවල සාමාජිකයන්ය.

ඇමෙරිකාව, වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින්, එරට ‘අන්තර්වාර ජනාධිපති’ නම් කරනු ලැබූ විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝට සහාය ලබා දෙයි. මානුෂීය ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත්තේ ද යුවාන් ගුඅයිඩෝ සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන රටවල්ය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS