වෙනිසියුලාවට ටොන් 90 ක වෛද්‍ය සැපයුම්



කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන වෙනිසියුලාවට ටොන් 90 ක වෛද්‍ය සැපයුම් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පියවර ගත්තේය.

ඒ අනුව ටොන් 90ක වෛද්‍ය සැපයුම්, පානීය ජලය, සනීපාරක්ෂක ද්‍රව්‍ය රැගත් ගුවන් යානයක් අද (9) වෙනිසියුලාවට ළඟාවිය. දේශපාලන අර්බුද සහ ආර්ථික අර්බුද රැසකට මුහුණ පා සිටි වෙනිසියුලාවට කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබේ. වෙනිසියුලාවට එවන ලද වෛද්‍ය සැපයුම් තොගයට සෞඛ්‍ය සේවකයන් සඳහා අවශ්‍ය කරන පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල 28,000ක්, ඔක්සිජන් ටැංකි, ළදරු ඇඳන්, සනීපාරක්ෂක කට්ටල යනාදී වෛද්‍ය ඇතුළත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.

‘‘කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව තිබෙන වෙනිසියුලාවට එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර තොගයක් යැවූ පළමු අවස්ථාව මෙය’’ යැයි වෙනිසියුලාව සඳහා එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකාරක පීටර ග්‍රොහ්මන් පැවැසීය.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින වෙනිසියුලාවේ මිලියන ගණනක මූලික ආහාරපාන සහ ඖෂධවල දැඩි හිඟයක් මතුව තිබේ. මිලියන පහකට වැඩි පිරිසක් රට අත්හැර ගොස් ඇත. මේ වනවිට වෙනිසියුලාවෙන් කොරෝනා ආසාදිතයන් 167 දෙනකු වාර්තා වී ඇති අතර මරණ නවයක් වාර්තා වී ඇත.

අල්ජසීරා


RECOMMEND POSTS