වෙනිසියුලා ජනපති මදුරෝට බලපෑම්



ධුරයෙන් වහා ඉවත් වන්නැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට දිගින් දිගටම බටහිර රටවලින් පීඩන එල්ල වෙමින් පවතින බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

මේ වනවිට ඇමෙරිකාව පමණක් නොව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය ඇතුළු සෙසු යුරෝපා රටවල් ද වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් එරට අන්තර්වාර ජනාධිපති ලෙස නම් කළ යුවාන් ගුවයිඩෝට සහාය ලබා දීමට තීරණය කර තිබේ.

බටහිර රටවලින් එල්ල වන පීඩනය හමුවේ රටේ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන මදුරෝ කියයි.

මේ අතර ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ, අවශ්‍ය නම්, වෙනිසියුලා විපක්ෂ ක්‍රියාකාරීන්ගේ සහායට ඇමෙරිකන් හමුදා සෙබළුන් යැවීමට පවා තමන් පසුබට නොවන බවය.

කැරැකස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS