වෙඩික්කරු මියයයි



ප්‍රංශයේ ස්ට්‍රාස්බෝග් නුවර නත්තල් පොළකට කඩා වැදී වෙඩි තබා පුස්ගලයන් සිවු දෙනකු ඝාතනය කළ සහ තවත් 13 දෙනකුට තුවාල සිදු කළ 29 හැවිරිදි වෙඩික්කරු ප්‍රංශ පොලිසිය කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් විය.

වෙඩික්කරු ෂෙරිෆ් චැකෙට් නමැත්තා යැයි ප්‍රංශ ආරක්ෂක අංශ විසින් හඳුනා ගනු ලැබුවේ ඉකුත් දා ඔහු වෙඩි තැබීම් කළ පොලිසියෛන් බේරී පලා ගිය අවස්ථාවේදීය.

පොලිසිය ෂෙරිෆ් චැකෙට් කොටු කරගෙන ඇත්තේ නූඩෝෆ් නමැති නගරයේදීය. එහිදී දෙපිරිස අතර යළිත් වෙඩි හුවමාරුවක් සිදුවුණු බවත් එහිදී පොලිස් වෙඩි පහරින් ෂෙරිෆ් චැකෙට් මියගිය බවත් ප්‍රංශ අභන්‍න්තර කටයුතු අමත්‍යාංශය නිවේදනය කර ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS