වෙඩි තැබීමකින් 3 ක් මරුට



බෙල්ජියමේ ‘ලියේජ්’ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

වෙඩි තිබීමෙන් මියගොස් ඇත්තේ පොලිස් නිලධාරිනියන් දෙදෙනකු සහ සිවිල් වැසියකු බව පැවැසෙයි. වෙඩි තැබීම කළ තැනැත්තා පොලිසිය කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් විය.

මුස්ලිම් සම්භවයක් ඇති එම තැනැත්තා පාසලකට කඩා වැදී, එහි සේවිකාවක ප්‍රාණ ඇපයට ගෙන ඇත. පොලිසිය පැමිණ ඔහු වට කළ අවස්ථාවේදී වෙඩි හුවමාරුවක් සිදුවුණු බවත්, එහිදී ප්‍රාණ ඇපයට ගත් සේවිකාව ඇතුළු පොලිස් නිලධාරිනියන් දෙදෙනා මියගිය බවත් පැවැසෙයි. තවත් පොලිස් නිලධාරීන් සිවු දෙනකු තුවාල ලබා රෝහල් ගත කළේ යැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS