වීරයාට පෙම්වතියක්



තායිලන්ත ලෙන තුළ සිරවුණු පාසල් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වෙමින් විරයකු වුණු කිමිදුම්කරු 57 හැවිරිදි රික් සැන්ටොන්ට, තායිලන්ත පෙම්වතියක් හමුවී ඇතැයි මේල්ඔන්ලයින් වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය ජාතික සැන්ටොන්, විශ්‍රාමික ගිනි නිවන භටයෙකි. දික්කමාද වී සිටින ඔහු දැන් තනිකඩයෙකි. රික්ගේ පෙම්වතිය වී ඇත්තේ තායිලන්ත හෙදියකි. ඇය සිරිපෝන් බුග්නන්ගරාන් ය.

දෙදෙනා එකිනෙකා හමුවී, පෙම් සබඳතාවක් පවත්වාගෙන ඇත්තේ මීට මාස කිහිපයකට පෙර, සිරිපෝන් බ්‍රිතාන්‍යයේ නිවාඩුවකට පැමිණ ඇති අවස්ථාවකදී යැයි ද පැවැසෙයි.

දරුවන් බේරා ගැනීමෙන් පසු ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමේදී සිරිපෝන් ද එම කටයුතුවලට සම්බන්ධ වුණු බව පසුව දැනගන්න ලැබුණි.

(මේල් ඔන්ලයින්)

 


RECOMMEND POSTS