වීඩියෝ ක්‍රීඩාවලට ට්‍රම්ප්ගේ විරෝධයක්



ගිනි අවි භාවිතා කෙරෙන බිහිසුණු මෙන්ම ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩා තහනම් කිරීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අවධානයට යොමු වී ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

ඇමෙරිකාවේ ගිනි අවි නිසා සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා අවම කර ගැනීමේ අරමුණින් ප්‍රචණ්ඩ මෙන්ම බිහිසුණු වීඩියෝ ක්‍රීඩා නැවැත්වීමට ජනපති ට්‍රම්ප් සූදානම් ‍වෙයි. ලෝකයේ ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවන් සහ ට්‍රම්ප් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි.

ඇමෙරිකාවේ ගිනි අවි පාලනය සම්බන්ධයෙන්, දැඩි නීතිරීති සකස් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් වෙයි. ඊට හේතුව වූයේ ෆ්ලොරීඩාවේ පාසලක සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධියයි. එම වෙඩි තැබීම කළේ 19 හැවිරිදි තරුණයකි. වෙඩි තැබීමෙන් මියගිය ගණන 17 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS