විස වට්ටක්කා කාලා 3 ක් මැරිලා



මහා බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ වට්ටක්කා තොගයක තිබූ මාරක බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් ඕස්ටේලියානුවන් තිදෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

‘ලිස්ටේරියා’ නමැති මෙම මාරක බැක්ටීරියාව හමුවී ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ආනයනය කළ වට්ටක්කාවල තිබී යැයි හඳුනාගෙන ඇත.

වට්ටක්කා ගෙන්වීම වහා නැවැත්වීමටත්, වෙළෙඳපොළට නිකුත් කළ වට්ටක්කා තොග සම්බන්ධයෙන් ජනතාවට අනතුරු ඇඟවීමටත් ඕස්ටේලියා බලධාරීන් කටයුතු කර ඇතැයි ද පැවැසෙයි.

බැක්ටීරියාව ආදානය වීමෙන්, මියගොස් ඇති තිදෙනාගෙන් එක් අයකු ගැබිනියකි. මෙම බැක්ටීරියාව මාරක වෙන්නේ ගැබිනියන් සහ මහළු පුද්ගලයන්ට බව වෛද්‍යවරු පෙන්වා දෙති. රෝගී වූ තවත් 15 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS