විස දුමාරය පහව යයි



පාකිස්තානයේ ලාහෝර් නුවර පුරා පැතිර පැවැති විස දුමාරය පහව ගොස් ඇති බවත්, ගුවන් ගමන් ඇතුළු සෙසු ගමනාගමන කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවත් වාර්තා වේ.

ලාහෝරය විස ඝන දුමාරයකින් වැසී යෑමත් සමඟ නගරයේ කටයුතු මුළුමනින්ම අඩපණ වූයේ මීට සතියකට පමණ පෙරය.

මෙම විස දුමාරය බටහිර විද්‍යාඥයන් විසින් හඳුන්වා දී ඇත්තේ ‘ස්මොග්’ යනුවෙනි. දුමාරය රථ වාහන සහ කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන දුම්, මීදුම් සහ දූවිලි එක් වී නිර්මාණය වූවක් යැයි ද පැවැසිණි.

මෙම විස දුමාරය හේතුවෙන් ලාහෝර් වැසියෝ ඇස් රතුවීම, වමනය, කැරැකිල්ල සහ ස්වසනාබාධවලින් පීඩාවට පත් වූහ.
රට අභ්‍යන්තරයේත්, ජාත්‍යන්තරයේත් ගුවන් ගමන් 60 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට ගුවන් ගමන් පාලන අධිකාරිය තීරණය කර තිබුණි.

ඩයනා උදයංගනී
ලාහෝර් නුවර සිට


RECOMMEND POSTS