විශේෂඥයන් රටින් ගෙන්වනවා



අධික ණය බරින් මිරිකී, කඩා වැටුණු පාකිස්තාන ආර්ථිකය යළි ගොඩනැගීමට තමන් ප‍්‍රවීණ විදෙස් ආර්ථික විශ්ලේෂකයන්ගේ සහාය පතන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි.

කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ නව රජයේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.
ආර්ථික කටයුතු සම්බන්ධයෙන් විශේෂ ආර්ථික මණ්ඩලයක් ද පිහිටුවා ඇත. මෙම මණ්ඩලයට විශේෂඥයන් 18 දෙනකු ඇතුළත් වන බව පාකිස්තාන පුවත් සේවා පෙන්වා දෙයි.

විදේසවල කීර්තිමත් ආර්ථික විශේෂඥයන් එම මණ්ඩලය හරහා ගෙන්වමින් ආර්ථික අර්බුද විසඳීමට තමන් අපේක්ෂා කරන බව ඉම්රාන් පැහැදිලි කර තිබේ.

ඉම්රාන්ට පෙර පැවැති නවාස් ෂරීෆ් රජය චීනය සමඟ සමීප සබඳතා පැවැත්වීය. මේ වනවිට චීනය පාතිස්තානයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැුසකට අත ගසා ඇත. පාකිස්තාන ආර්ථිකය අර්බුදයට ලක් කරන එම ව්‍යාපෘති වහා නැවැත්වීමට කටයුතු කරන බව ඉම්රාන් අගමැති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේදීම පැවැසීය.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS