විශේෂ ගුවන් යානා 3ක් යේමනයට



යේමනයේ උත්සන්න වෙමින් පවතින කොළරා වසංගතය මැඩපැවැත්වීම සඳහා සිදුකරන වැඩසටහන් ඉහළ නැංවීමට මානුෂීය ආධාර රැගත් විශේෂ ගුවන් යානා තුනක් එරටට යැවීමට  යුනිසෙෆ් සංවිධානය වහා පියවර ගෙන ඇත.

ඒ යටතේ වෛද්‍යාධාර සහ ජල පිරිපහදු පහසුකම් ලබාදීමට  එම සංවිධානය පියවර ගෙන  තිබේ.

මාස දෙකක් තුළ යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර ආහාර හෝ ජලයට අසූචි මිශ්‍ර වීමෙන් රෝගය පැතිර යන බවට යුනිසෙෆ් සංවිධානය විසින් තහවුරු කර ගෙන තිබේ.

මිනිසුන් සිදුකරන ක්‍රියාකාරකම්වල  ප්‍රතිඵලයක් ලෙස කොළරා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. මේ වන විට පුද්ගලයන් දහසකට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර එය තවදුරටත් ඉහළ යා හැකි බවයි යේමන වාර්තා සඳහන් කරන්නේ. එලෙස ජීවිතක්ෂයට පත්වූවන් ගෙන තුනෙන් එකක ප්‍රමාණයක්  ළමුන් වෙති.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS