විශේෂ ගුවන් යානයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායිහිදී හදිසියේ අභාවප්‍රාප්ත බොලිවුඞ් නිළි රැජින ශ්‍රීදේවිගේ දේහය මුම්බායි නුවර බලා රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඩුබායි බලා ගිය බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

දේහය වහා ඉන්දියාවට බලා ගෙන ඒමට යැවුණේ පෞද්ගලික ගුවන් යානයකි. එය ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික අනිල් අම්බානීගේ පෞද්ගලික කුඩා ජෙට් යානාවක් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS