විශ්වාසභංගය පරදී



විශ්වාසභංගය පරාජය කිරීමට බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ට හැකියාව ලැබුණි. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවූයේ ද තෙරේසා මේගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයයි.

බි‍්‍රතාන්‍ය අගමැතිනිය ලෙස තෙරේසා මේ තව දුරටත් රැඳී සිටිය යුතු යැයි ඇයට විශ්වාසය පළ කළ පිරිස 200 කි. විරෝධය දැක්වූ පිරිස 117 කි. කෙසේ නමුත් කොන්සවර්ටින් පක්ෂයෙන් සියයට 30 ක් පමණ තෙරේසා මේට විරෝධය පළ කරමින් ඡන්දය ලබා දුන් බව පැවැසෙයි.

බි‍්‍රතාන්‍ය අගමැතිනියගේ නායකත්වය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බි‍්‍රක්සිට් මුල්කොට ගනිමිනි.

තෙරේසා මේ, කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගේ බහුතර කැමැත්ත මත අගමැති ධුරයට පත් වූයේ ද බි‍්‍රක්සිට් මුල්කොට ගනිමින් 2016 වසරේදීය. ඒ, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු නැති බව දිගින් දිගටම බි‍්‍රතාන්‍ය වැසියන්ට පසක් කර දුන් අගමැති ඬේවිඞ් කැමරන්ගේ ඉවත් වීමෙන් පසුවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS