විලියම්-කේට් පාකිස්තානයේ



බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේම්බි‍්‍රජ් ආදිපාදවරිය කේට් මිඞ්ල්ටන් රාජකීය නිල සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (14) රාති‍්‍රයේ පාකිස්තානය බලා පැමිණියහ.

බි‍්‍රතාන්‍ය රාජකීයයකු පාකිස්තානයට පැමිණියේ දශකයකට පසුවය. මෙම පාකිස්තාන සංචාරය අභියෝගාත්මක එකක් යැයි ඔටුන්න හිමි විලියම් කුමරු මාධ්‍ය හමුවේ පවසා ඇත.

විලියම් කේට් යුවල බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් සේවයේ ගුවන් යානයකින් පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නුවර නූර් ඛාන් ගුවන්තොටුපොළට පැමිණියේ ඊයේ (14) රාතී‍්‍ර 9.30 ටය.

විලියම් සහ කේට් රතු පලස මතින් උණුසුම් ලෙස පිළිගැනීමට පාකිස්තාන රජය කටයුතු කර තිබුණි. පාකිස්තාන රාජ්‍ය තාන්ති‍්‍රකයන් බොහෝ දෙනෙක් විලියම් කේට් යුවල පිළිගැනීමට පැමිණ සිටියහ.  කුඩා දරුවන් පිරිසක් කේට් මිඞ්ල්ටන් හෙවත් කේම්බි‍්‍රජ් ආදිපාදවරිය පිළිගත්තේ මල් කලඹක් දෙමිනි.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS