වියට්නාමයේ කොරෝනා වැඩිවෙයි



වියට්නාමයේ නා නැංග් වෙරළාශ්‍රිත සංචාරක නගරයෙන් ඇරැඹුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රැල්ල දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බවත්, මේ වනවිට නව ආසාදිතයන් 45 දෙනකු හමුවී ඇති බවත් වියට්නාම් සෞඛ්‍ය බලධාරීහු පවසති.

අවුරුදු 27 සිට 87 දක්වා වයස් සීමාවලට අයත් ආසාදිතයන් මෙම 45 දෙනාට ඇතුළත් වන බව වියට්නාම් සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

මේ වනවිට වියට්නාමයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 509 කි.

වියට්නාමයේ නා නැංග් සංචාරක නගරයෙන් නව ආසාදිතයන් වාර්තාවීමට පටන් ගත්තේ දින 100 ක විරාමයකින් පසුව යැයි පැවැසෙයි. වියට්නාමයෙන් කිසිදු කොරෝනා මරණයක් මෙතෙක් වාර්තා වී නැත.

නා නැංග් (රොයිටර්)


RECOMMEND POSTS