විමර්ශන කණ්ඩායම් දෙකක් චීනයට



ලොවට වසංගතයක් වූ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සොයා විමර්ශනයක් පැවැත්වීමට, විශේඥයන්ගෙන් සැදුම්ලත් විමර්ශන කණ්ඩායම් දෙකක් අද (14) චීනය බලා පැමිණියේය.

මෙම කණ්ඩායම් දෙක චීනයට පැමිණීමට නියමිතව තිබුණේ ජනවාරි පළමු සතියේය. කෙසේ නමුත්, චීන රජයෙන් ඊට බාධා එල්ල විය.

පසුගිය සතියේ විමර්ශන කණ්ඩායම් නියෝජනය කරමින් චීනයට ගිය නියෝජිතයන් දෙදෙනකුට චීනයට ඇතුළුවීමට පවා බීජීං බලධාරීන් අවසර දුන්නේ නැත.

එම නියෝජිතයන්ට චීනයට ඇතුළුවීමට අවසර නොදීම සම්බන්ධයෙන්, එම අවස්ථාවේදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් අප්‍රසාදය පළ කළේය.

‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS