විදේශිකයන්ට සාප්පු සංකීර්ණවල රැකියා තහනම්



සෞදි ජාතිකයින්ට වැඩි රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් විදේශිකයින්ට සෞදි අරාබියේ සාප්පු සංකීර්ණ වල රැකියා ලබාදීම තහනම් කිරීමට තීරණය කර ඇති බව සෞදි කම්කරු අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

අදාල තීරණය කවදා, කෙසේ ක්‍රියාත්මක කරනවාද යන්න වැඩි විස්තරයක් එම නිවේදනයේ සදහන් වී නොතිබු බව අරාබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

2030 දැක්ම අනුව තෙල් ආශ්‍රිත කර්මාන්ත වෙනුවට රටේ පවතින අනිකුත් කර්මාන්ත දියුණු කරමින් සෞදි ජාතිකයින්ට වැඩි රැකියා අවස්ථාවන් උදාකර දීම සහ පාරවල් අතුගෑමේ සිට රටේ ඉහලම තනතුරු දක්වා සියළුම දේ විදේශිකයන් විසින් කරනු ලබන හෙයින් එයින් විදේශිකයන් ඉවත් කර සෞදි ජාතිකයින්ට එම රැකියා අවස්ථාවන් ලබාදීම සෞදි රජයේ මුලික අරමුණ වී ඇත.

දිරිදීමනා ලබාදෙමින් සෞදි ජාතිකයන් රැකියා වලට යොමු කලත් සෞදි රජයේ අපේක්ෂිත ඉලක්ක කරා ලගාවීමට මේවනවිටත් අපොහොසත් වී ඇති බව අරාබියන් බිස්නස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මිලියන 9ක විදේශිකයින් ප්‍රමාණයක් සෞදි අරාබියේ සේවය කරන බව 2015 නිකුත් කරන ලද නිළ සංඛ්‍යා දත්ත මගින් තහවුරු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS