වෑන් රියක් කඩා වැදිලා



බටහිර ජර්මනියේ මුන්ස්ටර් නගරයේ අවන්හලක් ඉදිරිපිට අසුන් ගෙන සිටි පදිකයන් අතරට වෑන් රියක් කඩා වැදීමෙන්, දෙදෙනක් ජීවිතක්ෂයට පත් වූහ.

තවත් 20 දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් ද හය දෙනකුගේ තත්ත්වය බරපතල යැයි පැවැසෙයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කෙරේ.

රියැදුරා හිතාමතා පදිකයන් යට කරමින් වෑන් රිය ධාවනය කරද්දී පොලිසිය ඔහුට වෙඩි තබා ඇත. පොලිස් වෙඩි පහරින් රියැදුරු ජීවිතක්ෂයට පත් විය.ඔහුගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS