වැලන්ටයින් සැමරැමෙන් පූර්වාදර්ශයක් දෙන්න තායි රජය තීන්දුවක් ගනී !





තායිලන්තයේ පහළ බසිමින් තිබෙන දරු උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා වැලන්ටයින් දිනයේදී කාන්තාවන් දිරිමත් කිරීමට එරට හමුදා රජය කටයුතු කරමින් සිටී.

බැංකොක් නගරයේ තරුණ විවාහක කාන්තාවන්ට උපත් වර්ධක පෙති නොමිලයේ බෙදාදෙමින් සිටින්නේ මෙම වැඩපිළිවෙළේ කොටසක් ලෙසටය.

1970 දශකයේදී තායිලන්ත විවාහක යුවළකට සාමාන්‍යයෙන් දරුවන් සය දෙනෙකු සිටි නමුත් වර්තමානයේ දී දරුවන් ලැබීමේ සාමාන්‍යය 1.6 දක්වා පහළ බැස තිබේ.

අධ්‍යාපන අවස්ථා වැඩිවීම හේතුවෙන් කාන්තාවන්ගේ ජීවන තත්වය ඉහළ යාම, ප්‍රමාදවී විවාහ වීම වැනි සමාජීය තත්වයන් මෙයට හේතුව බව බැංකොක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වචිර පෙන්ග්ජ්වර් ප්‍රකාශ කළේය.

"උපත් අනුපාතය පහළ යමිනුයි පවතින්නෙ. දැන් ඒක දශම හතර දක්වා අඩුවෙලා. අපි මේ පිළිබඳව යමක් නොකොළොත් මේ විදියට අඩුවෙමින් යන්න ඉඩතියනව. අඩු තරමින් අපි උත්සාහ කරන්න ඕනෙ දැනට පවතින උපත් අනුපාතය හරි පවත්වාගන්න. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න දරුවන් ලබාගැනීමත් වැදගත් වෙනව," යනුවෙන් ඔහු පැවසීය.

මේ ආකාරයට උපත් අනුපාතය අඩුවෙමින් පැවතීම අනාගතයේ රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලකරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....


RECOMMEND POSTS