වැඩි ආරක්ෂාවට කිඹුල්ලු ඉවත් කරලා



ලොව උසම පිළිමය ලෙස සැලකෙන ඉන්දියාවේ ‘සර්දාර් පාටෙල්’ගේ රුවින් ඉදි කළ පිළිමය අවට ජලාශයේ සිටින කිඹුලන් 300 ක් එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයි පැවැසෙයි.

කිඹුලන් ඉවත් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ යකඩ කූඩුවලට උන් කොටු කර ගැනීමෙන් පසුවය. පිළිමය නැරැඹීට වෙනුවෙන් ජලාශයේ ‘සී ප්ලේන්’ ගුවන් යානා සේවයක් ආරම්භ කිරීමට ගුජරාට ප්‍රාන්ත බලධාරීන් සූදානම් වෙයි. කිඹුලන් ඉවත් කළේ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.

පිළිමය පිහිටා ඇත්තේ ගුජරාටයේ අහමදාබාද් නුවර සිට කිලෝ මීටර් 200 ක් දුරිනි. මීටර් 182 ක් උසැති ලොව උසින් වැඩිම පිළිමය ලෙස මෙම පිළිමය දැන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS