වාමාංශික විපක්ෂයට ජය



භූතානයේ පාර්ලිමේන්තු මැතිවරණය 17 පැවැත්වුණු අතර, එයින් ජයග‍්‍රහණය කළේ මධ්‍ය වාමාංශික ‘දෘක් නයිම්රුප් ෂොග්පා’ හෙවත්  ‘ඞී.එන්.ටී’ පක්ෂයයි.

මැතිවරණයේ ප‍්‍රතිඵල නිල වශයෙන් නිකුත් කෙරුණි. ඒ අනුව, මධ්‍ය වාමාංශික ‘ඞී.එන්.ටී’ පක්ෂය භූතාන ජාතික මන්ත‍්‍රණ සභාවේ ආසන 47 න් 30 ක් දිනා ගැනීමට සමත් වී සිටියේය.

පසුගිය වසර කිහිපයේ භූතානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේ  ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයයි. අගමැතිවරයා ලෙස කටයුතු කළේ පක්ෂ නායක ෂෙරිං ටොප්ගේය.

17 පැවැත්වූයේ භූතාන පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි වටයයි. පළමු වටය පැවැත් වූයේ ඉකුත් සැප්තැම්බර් 15 වැනිදාය. පළමු වටයේ ප‍්‍රතිඵල අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට දරුණු පරාජයක් අත්විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට හිමිවූයේ තෙවැනි ස්ථානයයි. මැතිවරණයේ දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයෙන් ඉදිරියට පැමිණි ‘භූතානයේ සාමය සහ සමෘද්ධිය’ පක්ෂය සහ ‘ඞී.එන්.ටී’ පක්ෂය අතරේය.

බෞද්ධ රාජ්‍යයක් වන භූතානයේ ජනගහනය ලක්ෂ 8 කි. ආසියානු රාජ්‍යයක් වන භූතානය, ඉන්දියාව සහ චීනයට මැදිවුණු කුඩා රාජ්‍යයකි. මෙය භූතානයේ තෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. 2008 වසර තෙක් ශතවර්ෂයක් පුරාවට භූතානය රජ පවුල යටතේ පාලනය විය. 2008 වසරෙන් පසු රජුගේ බලතල සීමා කෙරුණු නමුත් අද වනවිට රටේ ව්‍යවස්ථාදායක ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ රජුය.

භූතානයේ කිරුළ දරන්නේ, ජිග්මේ කෙෂාර් නම්ග්යාල් වංග්චුක් රජුය. රජගේ වයස අවුරුදු 38 කි. අවුරුදු 65 වෙද්දී රජු, සියලූ බලතල පාර්ලිමේන්තුවට ලබා දී රාජ්‍ය පාලනයෙන් ඉවත් වන බව පවසා ඇත. රජුට විරුද්ධව තීන්දු තීරණ ලැනීමට නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන බව ද පැවැසෙයි.

17 පැවැති දෙවැනි වටයේ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ‘ඞී.එන්.ටී’ පක්ෂයට නායකත්වය දෙන්නේ ශල්‍ය වෛද්‍ය 50 හැවිරිදි ලොටේ සෙරිංග් ය. මොහු  ඕස්ටේ‍්‍රලියාවේත් බංග්ලාදේශයේත් පුහුණුවක් ලැබූ දක්ෂ වෛද්‍යවරයෙකි.

භූතානය අර්බුද රැුසකට මුහුණ පා සිටින රාජ්‍යයකි. එම අර්බුදවලට සාර්ථක විසඳුම් සෙවීමට පියවර ගන්නා බව නව අගමැතිවරයා වීමට නියමිත ලොටේ සෙරිංග් පවසා ඇත.

භූතානය ඉන්දියාවට ණය වී සිටින රාජ්‍යයකි. භූතානයේ ධරිද්‍රතාව සහ විරැුකියා ඉහළ ගොස් ඇත. අපරාධ කල්ලි බිහිවීමේ ප‍්‍රවාණතාවක් ද දකින්න ලැබෙන බව වාර්තා වේ. භූතානයේ බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාව සමඟ එක් වී ජල විදුලි බලාගාරයක් ඉදි කිරීම කෙරෙහි ද ලොටේ සෙරිංග් පවසා ඇත.

රජුගේ බලතල සීමා කිරීමෙන් පසු 2008 වසරේ පැවැත්් වුණු පළමු භූතාන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ ද මෙම ‘ඞී.එන්.ටී’ පක්ෂයයි. කෙසේ නමුත් 2013 වසර වෙද්දී, ‘ඞී.එන්.ටී’ පක්ෂය ජනතා අප‍්‍රසාදයට පත් වී සිටියේය. ඒ අනුව 2013 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ‘ඞී.එන්.ටී’ පක්ෂය පරාජය විය.


RECOMMEND POSTS