ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇරැඹේ



ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කියුබා ජනාධිපති මිගුවෙල් දියේස් කැනැල් සූදානම් වෙයි.

ජනාධිපති ධුර කාලය සීමා කිරීම, සමලිංගික විවාහ නීතිගත කිරීම ආදී ව්‍යවස්ථා සංශෝධන රැසක් මෙම නව ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වෙයි.

කියුබාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් සමාජීය විවෘතභාවය තවත් පුළුල් කිරීමටත් මෙම නව ප්‍රතිසංස්කරණ උපකාරී වනු ඇති බව ජනාධිපතිවරයා පවසා ඇත. නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු කළත්, කිසිම අවස්ථාවක කියුබාවේ ධනවාදය ස්ථාපිත කිරීමට ඉඩක් ලබා නොදෙන බව ජනාධිපති මිගුවෙල් දියේස් කැනල් කියුබානු වැසියන්ට සහතිකයක් ද ලබා දී ඇත.

ජනාධිපති මිගෙල් දිසේස් කැනැල් මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නේ ඔහුට ජනපති ධුරය පිරිනමා ඉන් ඉවත් වී තව දුරටත් කියුබාවේ සමාජවාදී පක්ෂයේ සභාපති ධුරය දරණ රාවුල් කස්ත්‍රෝගේ ද අනුදැනුම පරිදිය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS