වළක්වන්න තිබූ කාලය අඩුවෙනවා



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් පැතිරීම ආරම්භ වුණු ‘කෝවිඞ් 19’ නව කොරෝනා වයිරසය මේ වනවිට ඉතා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත්, වයිරසය මැඬලීමට තිබූ කාලය වේගයෙන් අඩුවෙමින් පවතින බවත් ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අනතුරු අඟවයි.

‘අප දැන් කළ යුත්තේ කලබල වීම නොවෙයි. මෙම ගෝලීය ව්‍යසනයට මුහුණ දීමයි.’ ජගත් මහ ලේකම්වරයා මෙසේ කියා සිටියේ නිව්යෝක් නුවරදී මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

‘දැන් සෑම රටක්ම කළ යුතු වන්නේ තම තමන්ගේ රටවල වයිරසය පැතිරීම පාලනය කර ගැනීමයි. වයිරසය පාලනය කිරීමට හැකි බව තහවුරු වී තිබෙනවා. එයයි දැන් අප කළ යුත්තේ’ යැයි ජගත් මහ ලේකම්වරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS