වයිරසයෙන් මියගිය ගණන 41 ක්



චීනයේ පැතිරෙමින් ලොවටම තර්ජනයක් වූ නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 41 දක්වා ඉහළ ගොස් ඇතැයි අද (25) උදෑසන වාර්තා විය.

චීනය ඔවුන්ගේ නව අවුරුදු උදාව අද (25) සමරයි. චීන වැසියන් බොහොමයක් ඔවුන්ගේ ගම්බිම් බලා යන්නේ මෙම අවුරුදු නිවාඩුවටය. එහෙයින් වයිරසය චීනය පුරා පැතිරීමේ අවදානමක් හටගෙන තිබේ.

චීන සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 1,287 ක් බවය. මේ අතර විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ ප්‍රංශයෙන් ද වයිරසය ආසාදනය වූ පුද්ගලයන් තිදෙනකු හමුවුණු බවය. අද උදෑසන වෙද්දී ඇමෙරිකාවෙන් තවත් රෝගී කාන්තාවක හමුවුණු බව ද පැවැසිණි.

මේ අතර වයිරස රෝගීන් වෙනුවෙන් දින 3 ක් ඇතුළත කඩිනමින් විශේෂ රෝහලක් ඉදි කිරීමට චීන රජයේ අවධානය යොමු වී ඇත. රෝහල මේ වනවිටත් කඩිනමින් ඉදිවන බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS