වයිරසය දරුණුයි: ට්‍රම්ප්ගෙන් අනතුරු



ඉදිරි සති දෙක ඇමෙරිකානුවන්ට ඉතා වේදනාකාරී සති දෙකක් වනු ඇති බවත්, වයිරස ආසාදිතයන් සහ මරණ සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (1) මාධ්‍ය හමුවේ පැවැසුවේය.

ඇමෙරිකන් ජනාධිපතිවරයා වයිරසයේ බිහිසුණු ස්වභාවය සම්බන්ධයෙන් අනතුරු අඟවීමක් කළ පළමු අවස්ථාව මෙය විය. සෞඛ්‍ය බලධාරීන්ගේ දත්ත පාදක කර ගනිමින් ට්‍රම්ප් පැවැසුවේ ඉදිරි සති දෙක තුළ ඇමෙරිකානුවන් 2,40,000 ක් වයිරසය හේතුවෙන් මියයනු ඇති බවය.

‘ඉදිරියේ දී තත්ත්වය තවත් දරුණු වෙනවා. මා ඇමෙරිකානු ජනතාවට කියනවා ඊට මුහුණ දෙන්න සූදානම් වන ලෙස’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසීය. ශාරීරික වශයෙන් දුරස්වීම කෙරෙහි අවදානය යොමු කරන්නැයි ද ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ දී යළි අවධාරණය කළේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS