ලෝක යුද්ධයේ බෝම්බයක් හමුවෙලා



දෙවැනි ලෝක යුද්ධයේ නාසි හමුදාවට එරෙහිව ඇමෙරිකාව හෙළන ලද පුපුරා නොගිය බෝම්බයක් ජර්මන් නගරයකින් හමුවීමත් සමඟ මහා කලබලයක් හටගත්තේය.

බෝම්බය හමුවූයේ මධ්‍යම ජර්මනියේ ලූඞ්විෆ්ෂෆෙන් නමැති නගරයෙනි. නගර බලධාරීන් සහ පොලිසිය මැදිහත් වී, නගරයේ 18,500 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. බෝම්බය කිලෝ ග‍්‍රෑම් 500 ක් බරින් යුක්තය. එය සොයා ගැනුණේ ඉදිකිරීම් සේවකයන් පිරිසක් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පොලිසිය සහ බෝම්බ නිෂ්කී‍්‍රය අංශය මැදිහත් වී ඉතා ආරක්ෂිතව බෝම්බය තිබූ ස්ථානයෙන් ඉවත් කිරීම සිදුවූයේ නගරය හිස් කිරීමෙන් පසුවය. ඒ සඳහා පැය හයකට වැඩි කාලයක් ගත වුණු බව ද වාර්තා වේ.

පසුගිය 2017 වසරේදී ෆ‍්‍රැන්ක්ෆර්ට් නගරයෙන් ද දෙවැනි ලෝක යුද්ධයේ දී බි‍්‍රතාන්‍ය හමුදාව හෙළන ලද බෝම්බයක් හමුවිය. එම අවස්ථාවේදී 70,000 කට වැඩි පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ. පසුගිය අපේ‍්‍රල් මාසයේ දී බර්ලීන් අගනුවර ප‍්‍රධාන දුම්රිය නැවැතුමේ ඉදිකිරීම් කටයුතුවල නියැලෙමින් සිටි ඉදිකිරීම් කණ්ඩායමකට ද පුපුරා නොගිය බෝම්බයක් හමුවුණු බව වාර්තා විය.

රොයිටර්

 


RECOMMEND POSTS