ලොව ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කරයි



දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් (24) ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කළේය.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන්නේ අහ්මදාබාද් නුවර ඉදිකෙරුණු සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයයි. මොටේරා ක්‍රීඩාංගනය යනුවෙන් ද මෙය හැඳින්වෙයි.

අහමදාබාද් ගුවන්තොටුපොළේ දී ඔවුන් සැමොම මහත් හරසරින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය.

අහමදාබාද් පැමිණි ජනපති ට්‍රම්ප් සහ මෙලානියා, ගාන්ධි ආශ්‍රමය වෙත රැගෙන යෑමට ඉන්දීය අගමැතිවරයා අමතක නොකළේය.

අහමදාබාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS