ලිබියාවේ දරුණු ගැටුම්



ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පිහිටුවූ ලිබියානු රජයේ හමුදා ඔවුන්ට පක්ෂපාතී සන්නද්ධ කල්ලි සමඟ එක් වී, ප්‍රතිවාදී සන්නද්ධ කල්ලි සමඟ අවි ගැටුම්වල නියැළෙන බව එරට පුවත් සේවා වාර්තා කරයි.

එම ගැටුම්වලින් ප්‍රතිවාදී සටන්කාමීන් 130 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

ලිබියානු කැරැලිකාර කණ්ඩායම් එක් වී අවි අතට ගෙන ගඩාෆි රජයට එරෙහිව සටන් වැදුණාහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී පිහිටුවූ රජයට ඇතැම් සන්නද්ධ කල්ලි විරෝධය දැක්වීය.

ඔවුන් රජයට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි.  එම හේතුව නිසා, ලිබියාව තව තවත් අස්ථාවර තත්ත්වයකට ඇද වැටී ඇත.

මේ අතර අයි.එස්. ත්‍රස්තවාදීන් අස්ථාර වුණු ලිබියාවේ ඔවුන්ගේ පුහුණු කඳවුරු පවා පවත්වාගෙන යයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS