ලාහෝර් නුවර බෝම්බයක් පිපිරේ



පාකිස්තානයේ ලාහෝර් නුවර සිදුවුණු බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 34 දෙනෙක් තුවාල ලැබූහ.

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බෝම්බය පළතුරු ට්‍රක් රථයක අටවා තිබුණු බව පරීක්ෂණවලින් පසුව හෙලි විය. පිපිරුමට හසුවී තුවාල ලැබුවේ අසලින් ගමන් කළ පිරිස් යැයි පොලිසිය කියයි.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් බාරගෙන නැති නමුත් පොලිසිය පවසන්නේ මෙය ‘තරීක් ඊ තලේබාන්’ ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවක් විය හැකි බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS