ලාහෝරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්



පකිස්ථානයේ නැගෙනහිර ලාහෝර්යේ පිහිටා ඇති තාක්ෂණික උද්‍යාන ප්‍රදේශයට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 54 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගෙන් වැඩි දෙනෙක් පොලිස් නිලධාරීන් වන අතර එම පොලිස් නිලධාරීන් ලාහෝර් නගරයේ සිටින වීදි වෙළඳුන් ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටි බව ලාහෝර් පොලීසිය ප්‍රකාශ කළේය. 

කිසිදු පාර්ශවයක් මේ වනවිට ප්‍රහාරයේ වගකීම භාර ගෙන නොමැති අතර පකිස්තාන තලෙයිබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් විය හැකි බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පකිස්ථාන අගමැති, නිවාස් ෂරීෆ් ප්‍රහාරය හෙළා දැක ඇති අතර තුවාල ලැබු ප්‍රද්ගලයින්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝග කර ඇත. 

පසුගිය අප්‍රේල් මාසයේදි ලහෝර් නගරයට එල්ල කරන ලද මෙවැනිම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් 6 දෙනෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලැබු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS